සන්නිවේදනය යනු මානවයාගේ ප්‍රමුඛතම අවශ්‍යතාවයකි..එනම් ශරීරයට ආහාර මෙන් මිනිසාගේ මොළයට තොරතුරු අවශ්‍ය වේ. එම තොරතුරු ලබා ගැනීම සහ හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සන්නිවේදනය ලෙස හඳුන්වනු ලබයි.එනම් යම් කිසි වූ පණිවිඩයක් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සන්නිවේදනය යනුවෙන් හැඳින්විය හැකිය. එමෙන්ම යම් කිසිවූ තොරතුරු හුවමාරුවක් එනම් සන්නිවේදන ක්‍රියාවලියක් සාර්ථකව සිදුකර ගැනීම සඳහා පංචේන්ද්‍රිය අත්‍යවශ්‍ය මූලික අංගයක් ලෙස හැඳින්විය හැකිය .එසේම සන්නිවේදනය යන්න කිසියම් සම්බන්ධතාවයක් මත රඳා සිටින්නකි. මෙහිදී සම්බන්ධතාව පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ එක් පුද්ගලයෙකු තුල හෝ සමූහයක් සමඟ හෝ ඇතිවිය හැකිය .එසේම සන්නිවේදනය පුද්ගලයන් කණ්ඩායමක් සහ පුද්ගලයකු අතරත් කණ්ඩායමක් හා කණ්ඩායමක් අතරත් ඇතිවිය හැකිය.එසේම විශේෂම කරුණ නම් සන්නිවේදනය මිනිසාට පමණක් සීමා වූවක් නොවේ.
සන්නිවේදනය යන්න විමසා බැලීමේදී සන්නිවේදනය යන වචනය ගොඩ නැගී ඇත්තේ සං-නි යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද්-වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි."සං" යන උපසර්ගයෙන් "මනා වූ" යන අදහසත් "නි" යන උපසර්ගයෙන් ඒකාබද්ධ යන අදහසක් ගම්‍ය වේ.එසේම "විද්" යන ධාතුවෙන් දැනීම,හැඟීම, වේදනය යනාදී අදහස් ගෙනදෙනු ලබයි.එසේම ඉංග්‍රීසි භාෂාවෙන් communication යන වචනය භාවිතයෙන් සන්නිවේදනය හඳුන්වනු ලබයි.
එසේම සන්නිවේදනය සැම විටම වෙනස්වීම්වලට භාජනය වේ. එනම් සන්නිවේදනය යනු ගතික ක්‍රියාවලියකි.එනම් නිරන්තරයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට , අවස්ථාවෙන් අවස්ථාවට මෙම සන්නිවේදනය යන ක්‍රියාවලිය වෙනස් වේ.එසේම සන්නිවේදනය පිළිබඳව විද්වතුන් පෙන්වා දෙනු ලබනුයේ සන්නිවේදනය ඕනෑම සමාජ සංවිධානයක ජීව රුධිරය ලෙසය.එනම් ශරීරයේ එක් කොටසකට රුධිරය ගමන් නොකළහොත් එහි ක්‍රියාකාරිත්වය අඩපනවනවා මෙන්ම යම් සමාජ කොටසකට මෙම සන්නිවේදන ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවුනහොත් එම කොටස අඩපණ වනබවයි.එයින් අදහස් වනුයේ මිනිසාට සන්නිවේදනය කොතරම් දුරට අවශ්‍ය ද යන්නයි.එනම් සන්නිවේදනයෙන් තොරව මිනිසාට පැවැත්මක් නැති තරම්ය.
😍😍😍
ReplyDeleteVery good🤝
ReplyDeleteVeryy good 🤝😍😍
ReplyDelete